Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

සිංහලයා පරාදයි...........


සිංහලයා පරාදයි.....
 
   

 
 
 
ඉතින් යාලුවනේ..සමාවෙන්න ඕන..මේ දවස් ටිකේ මුකුත් ඔයාලට දෙන්න බැරි උනාට..ඔයාලත් දන්නවා ඇති හේතුව "හත්වන ජනාධිපතිවරණය" තිබ්බ කියල ඔයාල දන්නවා ඇතිනේ..අන්න ඕක තමා හේතුව..එකනම් අද අහවර උනා..ඒ උනාට අපිට ලොකු පාඩුවක් උනා කියල තමා මගේ අදහස.මොකද අවරුදු 30ක් තිබ්බ යුද්දය ගැන ඔයාලට කියන්න ඕන නැනේ..එත් මේකට නායකත්වය දුන්න ජනාධිපතිතුමාව මෙදා සැරේ වෙනසක් ඕන කියලා පන්නගන්න තරම් අපේ සිංහලයන් ද්‍රෝහී උන කියලා තම මගේ පුද්ගලික අදහස..මම හරි දන්නේ නැ..නමුත් ඇහෙම තමා මට පෙන්න..ඇත්තටම මට මේක ගැන ලොකු කනගාටුවක් තියනවා..මොකද මේ චන්දය තීරණය උනේ සිංහල නොව උතුරු නැගෙනහිර දෙමල ,මුස්ලිම් චන්ද වලින් මේක රහසක් නෙමේ..ඒ චන්ද වල අඩුව පුරවන්නවත් අපේ සිංහලයාගේ චන්ද මදි උන..ඔන්න ඕක තම අන්තිමට උනේ...

මේ උන සිද්දියට අපේ ගොඩක් සිංහලයන් අකමැති කියල ඔයාලට මම පහල තියන පොස්ට් වලින්ම පෙන්නන්නම්...නමුත් අපේ සිංහලය පරාද උන වගේ හැගීමක් එන්නේ මොකද කියල මටනම් හිතාගන්න බැ....

සමාවෙන්න ඕන මම මේ වගේ පොස්ටුවක් දැම්මට..ඒ උනාට මට හිතුනා..මේක අපේ කට්ටියට හොද පාඩමක් වෙනවද කියල සැකයක්..එක තමා මම මේක දැම්ම එකම හේතුව..ඔයාල කැමති දෙයක් කියන්න..ඒ උනාට මේක තමා ඇත්ත......~~~~බ්ලැක් කිංග් සොෆ්ටා ~~! 
අපේ කට්ටිය කියපු දේවල ටිකක් මම facebook ගත්තා 
 
................
1.සෙනෙහෙන් දරු පැටව් දෑතට ගත් නිරිඳා..
ඒ දෑතින්ම මව් පියවරු වැලඳ පුදා
සිරියාවන්ත සිනහව සැමටම දීලා 
අද නුඹ ගියා අපෙ දෙනෙතට කඳුළු තියා
කළුවර අතීතයේ යුධ බිය නැති කරලා
හැකි සැම අතින් ලක් මව නිති පෙරට යවා
ලොව ඉදිරියේ පිට කොන්දට පන තිබෙනා
එකම රජෙති උන්නේ අප හට සැමදා..
සිංහල කමට ඉහලින් ඉඩ දුන්න නිසා
ඉවසාගන්න බැරි අය කෙරුවා නින්දා
කලගුණ මතක නැතුවත් කොටසකට මෙදා
අපි ආදරෙයි අප්පච්චීයෙ නුඹට සදා..
දහසක් කතා ගොනුකර දමලා ගැසුවත්
අපි සැම නුඹේ ලඟමයි ඉන්නේ මතුවත්
දවසක රටට මතකෙට එයි නුඹ නැවතත්
සැක නෑ තවත් අප ගේ හිත් සවිමත්.......
(උපුටා ගැන්මකි..)




2.සැබැවින්ම අද දින මා නෙතට කඳුලක් උපන්නේය. එහෙත් එය මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ පරාජය නිසා නොව පක්ෂ භේදයකින් තොරව මිනිසුන්ගේ සිත් තුල ඔහුට දක්වන ගෞරවය නිසාවෙනි. මෑත යුගයේ බිහි වූ ශ්‍රේශ්ඨතම යුග පුරුෂයා නුබ බව අප අවිවාදයෙන්ම පිළිගන්නා කරුණකි.
සැබැවින්ම ඔබ රටට සැලකිය යුතු සේවයක් කල උත්තම පුරුෂයෙකි. අධික බලතල හා මත්ද්‍රව්‍යය පාලනය පිළිබඳව එතරම් අප සතුටු නොවූවද පෙර තිබූ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම වෙනස් කොට සීග්‍ර දියුණුවක් කරා රට ගෙනයාම පිළිබ්ඳව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඔබට හිස නමා ආචාර කරන්නෙමු. එමෙන්ම එවන් උත්තම යුග පුරුෂයෙකු හට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීමට අප වගබලා ගත යුතුය.
එමෙන්ම නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත උණුසුම සුභපැතුම් පුද කරන අතර ඔබ ලබාදුන් පොරොන්දු එලෙසම ඉටු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
මහින්ද රාජපක්ෂ මැති තුමනි , ඔබ අපේ සිත් තුල නොමැකෙන නාමයක් ඉතිරි කර හමාරය. සමුගැනීමකදි කිසිදු ජනපතිවරයෙකු නොලද ගෞරවයක් පක්ෂ භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් හිමි වූයේ එබැවිනි.
මහින්ද රාජපක්ෂ මැති තුමනි,
ඔබට සුභ ගමන් ...
~උදයංග ~

3.මහින්ද රාජපක්ෂ මහතාගේ දොස් දිනපතා දැක මොනතරම් දෝෂාරෝපණය කළත්, බිත්තියට පිටුපා සිටි ජාතියක් කෙළින් සිටෙව්වේ ඔහු බවට හදවතේ ගැඹුරුම තැන සාක්ෂි දරයි.
යම් හෙයකින් මානුශික මෙහෙයුම අසාර්ථක වුනානම් එහි වගකීම පැටවෙන්නේද මහින්ද රාජපක්ෂයන්ටමය. එසේම අද එය ජයග්‍රහණය කර තිබියදී බටහිරයන් වීසින් ව්‍යාජ යුධ අපරාධ චෝදනා නගන්නේද, ඇමරිකාවෙන් නඩු දමන්නේද ඔහුටමය.
ඔහුට දැන් නිදහසේ මැදමුලන මහ ගෙදරට වී කුරහන් තලපයක් සමග කහට උගුරක රස බලමින්, අතීතයේ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථා මෙන්ම, ඔහු අතින් සිදුවූ අතපසුවීම් අනුස්මරණය කිරීමට නිදහස ලබා දෙමු. එසේ නැතිව බටහිරයින්ගේ බලපෑමට යටත් වී සදාම් හුසේන්ව එල්ලා මැරූ ආකාරයෙන් ඔහුව පෝරකයට යැවීමට ඉඩ දීම, කලගුණ දන්නා මෙවන් උතුම් සිංහල ජාතියකින් කිසි සේත්ම නොවිය යුතු මහා අපරාධයකි.
අපිට කෙළ වූ දාට සහායට මොකා වත් එන්නේ නැති නිසා, අපි වෙනුවෙන් නැගිට්ට නායකයා බහුතර ජනතාවට වුවමනා වී වෙනස් කළත්, ජාත්‍යන්තරය හමුවේ රැක ගත යුතුය. අද ඔහු අන්ත අසරණයි.
ලාභො අලාභො අයසො යසෝ ච
නින්දා පසංසාච සුඛඤ්ච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා
මහින්ද මහත්තයෝ ඔබතුමාට සුබ අනාගතයක්!
Sinhala Buddhist




මාගේ ආදරණීය දුවේ පුතේ, මා එක් සේසත් කළ සුන්දර රටක් ගොඩනගා තිබෙනවා. ඔබගේ මවුවරුන්ගේ දැසට කදුලක් නොනැගෙන්නට හැකි ලෙස මේ රට පාලනය කරන්න නව ජනාධිපතිතුමාට ශක්තිය ධහිරය ලැබේවායි මා එකසිතින් ප්‍රර්ථනා කරනවා. මගේ අතට දුන් දරුවන්ගේ අනාගතය ඔබට මහා සෙනෙහසකින් මා භාරකරනවා.
ඔබට සුභ අනාගතයක්.
තෙරුන්වන් සරණයි.

ඔන්න ඕක තම අපේ රට බේරාගත් විරුවාට සිද්ද උනේ...
ඔයාලට සුබ අනාගතයක්...!!!!!!!!!

4 comments:

  1. බ්‍රෝ.ඔය බය නැතුව ඇත්ත කතා කරනවා එල..සුබ අනාගතයක්!

    ReplyDelete
  2. ඇත්ත කතාව..ආගම් භේදයක් නැතුව හිතුවොත් සිරාවටම සිංහලයා පැරදුනා.

    ReplyDelete
  3. කමක් නැ...දින 100 කරන්න පුලුවන්ද කියලවත් බලමුකෝ....ඒක කරගන්න බැරිනම් අනිත් ඒවා ඉතින්....සුබ අනාගතයක්ම තමා හිටං...!!!!!!!

    ReplyDelete
  4. ඕවා වැඩක් නැ..bn හිටං..අපිට හොද games ටිකක් දාන්නකෝ...අර compressed කරපුවා වගේ..ඒවානම් පට්ට හොදේ..තව movies තියනවනම් දාන්න...එළනේ...

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support